පෙර එක දවසක - මිල්ටන් මල්ලවාරච්චි | Pera eka dawasaka - Milton Mallawarachchi


පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔය
තවත් ලොවක්‌ ඔබ එළිය කලාවේ

පෙර එක දවසක සඳ නැති සවසක...

එකම වරක්‌ හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක්‌ නොව එක හෝරාවක
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා

පෙර එක දවසක සඳ නැති සවසක...


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන


2 comments:

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...