ඔයා නිසා මගේ සිනා - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Oya Nisa Mage Sina - Chandrasena Hettiarachchi


ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්

තනිකමෙන් ගඟ ගලා යනවා
ස‍ඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැංගුනේ
අපි හමුවුනොතින් සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්

බලා ඉන්නම් තව හුඟක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා මගේ සිනා

ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි
සංගීතය - රදීශ් වැන්දබොනා
පද රචනය - ලසිත ජයනෙත්තිආරච්චිගේ


Comments

  1. ඔය ඉස්සරහ ඉන්නේ වීඩියෝ එකේ කස්සගේ මැස්ස ලීන කස්සා....
    අපිත් හිටියා ලාවට පොඩි කෑල්ලක...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...