මිනින්දෝරු කන්තෝරුවේ - කරුණාරත්න දිවුල්ගනේ | Minindoru kanthoruwe - Karunarathna Diwulgane


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන
තරහ අවසරයි යනවද දංවැල් අරගෙන

පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...

දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ



Comments

  1. මම කැමතිම ගීයක් එක අතකින් මේ ගීයෙන් කියෙව අදහස ගැන පුදුමත් හිතෙනවා. රචකයෙකුට ගායනිය වචනවලින් මොනවද කරන්න පුළුවන් කියලා .ඒ අතින් රත්නශ්‍රී ගේ පදමාලාව අතිවිශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. මම මේක මුලින්ම ඇහුවෙ අවුරුදු දහයකටත් කලින් වෙන්න ඕන. ඒ දවස්වල තේරුම ගැන මෙලෝ දානයක් තේරුණේ නැතත්. මේකෙ තනුව හිතට වැදුණා... දිවුල්ගනේගෙ සින්දු අතරෙ වැඩිය ජනප්‍රිය එකක් නොවුණට ඇත්තටම සුපිරි සින්දුවක්!

      Delete
    2. මේ ගීතයට වඩා ගීතයට පදනම් වුණු කතාව ලස්සනයි!
      සංගීතයෙන්, පද මාලාවට ලැබුණු සහයෝගය නම් බොහොම මදි කියලයි හිතෙන්නේ..

      ජය වේවා!

      Delete
  2. මෙවන් ගීත හැංඟීලා අද තියෙන්නේ.සැඟවුනු මෙවන් ගීත අපට අසන්න සැලැස්විම අගය කරමි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  3. meka rathna srige sebe athdekeemak...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...