මල් මද බිසෝ ඉතින් - රොඩ්නි වර්ණකුල | Mal mada biso ithin - Rodney Warnakula


මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්

නෑ මට රජ වාසල සීනි කන්න කෑදරකං
නෑ මට රජ වාසල සීනි කන්න කෑදරකං
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
මේ මල් පිපෙණ රටට තව මොකටද සුවඳ සඳුන්
මේ මල් පිපෙණ රටට තව මොකටද සුවඳ සඳුන්
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නවනම්
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නවනම්

මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්...

රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්
රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්
සීපදයක් වාගේ කොඳුරනකොට කණට හෙමින්
සීපදයක් වාගේ කොඳුරනකොට කණට හෙමින්
මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්
මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්
අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකල්
අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකල්

මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්

දෝතක් බොන්න දියන්///


ගායනය - රොඩ්නි වර්ණකුල
තනුව - ඔස්ටින් මුණසිංහ
පද - රත්න ශ්‍රී විජේසිංහ
වේදිකා නාට්‍යය - බිසෝ



Comments

  1. ෙ‍රාඩ්නි හැබෑම දඛ්ෂයෙක් ඔහු ගයන ගීවල වචනවල පවා ඔහුගේ හාස්‍ය මුසු රංගනය තියෙනවා. ඔහු මේ වසරේ ඉදිරිපත් කළ ඔහුගේම ස්ව නිර්මාණ එකතුව "සඳ එළිය දිගේ" මීට වඩා හාත්පසින්ම වෙනස් ගී එකතුවක්. ඒක අහනකොට මට දැනුනේ ඔහු ගායනයෙන් බොහෝ පරිනත ශිල්පින්ට සමකල හැකි බවයි.

    ReplyDelete
  2. ☺️☺️😥😆😤😆😣👯

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...