මගෙ හීනයෙ - උදය ශ්‍රී වික්‍රමසිංහ | Mage Heenaye - Udaya Sri Wickramasinghe


මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවේදෝ

ආදරේ මට නම් - ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් - ඇයි කඳුළු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම්..
හිත මත ‍දඟ කෙරුව තරම්..
උණුහුම හිත හැදුව තරම්..
රැවටුනු හැටි මා මෙතරම්..

හිත හඩන තරම්
ඔබ දන්නවනම්
තව කඳුළු දිදී...රිදවන්න..
මා දැවෙන තරම් - ඔබ දන්නෑ....

මගෙ හීනයේ...

නොමියෙන මල් මතක පෙති..
එක එක බිඳ දැමුව හැටි..
නෙතු අග තෙත් රැදුනු නිති..
මගෙ වරදම වෙන්න ඇති..

උණු සිනහ සිතින්..
ඔබ ඉන්නවනම්..
තව කඳුළු කතා...පවසන්න
මේ කදුළු මගේ - දැන් දුක නෑ.....

මගෙ හීනයේ...

ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ

1 comment:

  1. ඒ සිංදුව ගොඩක් හදවතට දැනෙනව.........

    ReplyDelete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...