කෙදිනද කූඩු හදන්නට එන්නේ - නිරංජලා සරෝජිනී | Kedinada koodu hadannata enne - Niranjala Sarojini


කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනිවන්නේ

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ//


ගායනය - නිරංජලා සරෝජිනී
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්


Comments

  1. පට්ට සින්දුව... lyrics copy එකක් ගත්තා...fb දාන්න..
    Thank you

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...