ඉතින් නම් - අමල් පෙරේරා | Ithin nam - Amal Perera


ඉතින් නම් තවත් බැහැ මට
සිහින මල් කම් නෙලන්නට
ඔබ ගැන හද කැටබිතේ
ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
අද මට කටුක කඩු තුඩු සේ දැනේ

හැඟුම් බර දෑස්‌ නිල් විල
මුසුව ඉන්නට
පෙරුම් පිරූ
කාලයත් ඉක්‌ම ගිය හැටී

ඉතින් නම් තවත් බැහැ මට...

කියන්නට කවුරුවත්
අද මා අසල නැත
සවස්‌ යාමයට පෙරම
ඉරත් අවර ගිර සැඟව ගියේ

ඉතින් නම් තවත් බැහැ මට...


ගායනය - අමල් පෙරේරා
සංගීතය - නදීක ජයවර්ධන
ගී පද - චාමින්ද රත්නසූරිය


වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments

  1. මට අමල් ගැන කණගාටුවක් ඇතිවෙනවා. මට මේ සිංදු දිරවන්නෙ නෑ. මර්වින්ගේ මෙලඩි ටිකක් කිව්වනම් හොද පදමාලා ටිකකට අමල් මර්වින් තරමටම ජනප්‍රිය වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. මර්වින් කරල තියෙන අපි නොදන්න මෙලඩි තියෙනවනම් ඒවට සින්දු නොකියන එක බරපතල අවුලක් තමයි...

      හැබැයි අමල් මර්වින්ගෙන් ගැලවිලා ඉන්න එක හොඳයි. මොකද එහෙම නැත්තං අමල් වෙනුවට අපට මර්වින්ම මතක තියෙයි.

      අමල්ගෙ සින්දු වලට මම කැමති ඒවයෙ තියෙන හැඟීම් වලට. ඔහුගේ හඬ භාවිතාවට. අමල් මර්වින් නොවී අමල් වෙලා ගායනා කරන එකට!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...