හිත අස්සට හීන ගොඩක් - අතුල අධිකාරි | Hitha assata - Athula Adhikari


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා

දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...


ගායනය - අතුල අධිකාරි
තනුව - මල්ක මල්ලව
ගී පද - ආරාධනා ඒකනායක

Comments

  1. කරදරයක් නැතිනම් එම් පී ත්‍රී එකක් දානවා නම් බොහොම අගෙයි. වීඩියෝ සෝන්ග්ස් වලට වඩා ෆෝන් එකට ඔබා ගන්න ආස ඒවනේ අපි.

    ReplyDelete
    Replies
    1. http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3503/hitha-assata-athula-adikari-sinhala-mp3.html

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...