ගිම්හානයේ පාවෙලා - සමන්ත කෝනාර | Gimhanaye Pawela - Samantha Konara


ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා..
සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා...
අද නෑ..කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී..
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ...

ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා...

මං තාම වා..රු ගන්නේ - මල් හීනයේ..
ඔබ දුන්නු පැතුමන් හින්දයි - මුළු ජීවිතේ..
ඔය නෙතට කදුලැල් දුන්නේ - මං ජීවිතේ..
ඔබෙ හීන රජ කරවන්නයි - මා සැරසුනේ..

සවනේ තාමත් රැදුනේ - ඔබගේ වදනයි සොදුරේ..
ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ..

ගිම්හානයේ පාවෙලා....

සංසාරෙ හුරු හින්දයි - යලි හමුවුනේ..
මේ දෑස ඔබගේමයි - ඇයි හැඬවූයේ..
පවසන්න මගෙ සෙනෙහේ - ඇයි මදිවුනේ..
පෙර සංසාරෙත් ඔබමයි - මා හැරගියේ..

සැමදේ සුන්වී බොදවී - කොහෙදෝ තුරුලක සැඟවී..
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ..

ගිම්හානයේ පාවෙලා....

ගායනය : සමන්ත කෝනාර
පද රචනය : සමන්ත කෝනාර
සංගීතය : රදීශ් වැන්දබොන

Comments