දෝත පුරා මුතු මාල ලතා - බන්ධුල විජේවීර | Dotha pura muthu maala latha - Bandula Wijeweera


දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා//
ඈත හිමේ සුදු සේල ඔතා
නැලවෙන කුසුමේ නාරි ලතා

යෞවන මල් රතු කැකුළු
පුබුදින රන් මුව මුකුළු//
දෙතොල් රුවින් මන රංගන
දෙතොල් රුවින් මන රංගන
සැඟවෙයි කිරි මුතු පබලු

දෝත පුරා මුතු මාල ලතා...

නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණි කැන් පහන් වැටේ
සුපුල් උපුල් රන් ඕවිලි
සුපුල් උපුල් රන් ඕවිලි
ඔබේ රුවින් හඬා වැටෙයි

දෝත පුරා මුතු මාල ලතා...


ගායනය, සංගීතය - බන්ධුල විජේවීර
ගී පද - උපාලි ධනවලවිතාන



Comments

  1. මේක උපාලි ධනවලවිතාන මහතාගේ රචනාවක්. සංගීතය බන්ධුල විජේවීර මහතාගේමයි..

    ReplyDelete
  2. ශ්රුන්ගාරාත්මක සින්දුවක්.ස්තුතියි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...