දීපාවලී දාට - අසංක ප්‍රියමන්ත පීරිස් | Deepawali data - Asanka Priyamantha Peiris

දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්

කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
දැන් තරහා නිවී ගිහින්
තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්

දීපාවලී දාට දීපාවලී සඳ අරන්...


ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ





No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...