චන්න කින්නරාවී - බාචි සුසාන් | Channa Kinnaravi - Bachi Susan


ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු ගමනේ...
මෘදු සිනිදු දෙපා රිදෙනා - වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ - චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ - චන්න කින්නරාවී...

ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

සඳ නිවී ගිය රාත්‍රියේ - තාරකා ගොළුව ඝන අදුරේ...
ලය මතින් වැතිරී - සොදුරු හීනයට ඉඩදී...
හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී....
හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...

ගායනය : බාචි සුසාන්
පද රචනය : චරිත් සේනාධීර
සංගීතය : කසුන් කල්හාර

Comments

  1. "රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු ගමනේ..."

    රළු පොලව මතින් දිවෙනා - විඩාබර දිගු ගමනේ...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...