කෙසේ රහස් පවසම්(අක්කා) - ලහිරු පෙරේරා | Akka - Lahiru Perera


කෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...
කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජයමංගලම්...

ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ...
මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ...
දුක් වේදනා - මගෙ නිව්වා...
මවකි මටනම් - මගෙ අක්කා...

කෙසේ රහස් පවසම්....

සරසියකි මටනම් ඔබ අනතප් විලේ...
සුරඟනකි මටනම් ඈ සිහින ලෝකේ...
ඔබ දිවි මගේ මල් පිපියන්...
මතු භවයෙදිත් අක්කා වෙයන්....

කෙසේ රහස් පවසම්....//

ගායනය : ලහිරු පෙරේරා


Comments