සොයා පිළිසරණක් - සුනිල් එදිරිසිංහ | Soya pilisaranak - Sunil Edirisinghe


සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ//
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්

සොයා පිළිසරණක්...

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ//
පහන් වැට සේ සොයා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්

සොයා පිළිසරණක්...


ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී



Comments

  1. මම කැමතිම ගීතයක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. Truly , a great work

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...