සමුගන්න මොහොතකට - බන්ධුල විජේවීර | Samuganna mohothakata pera - Bandula Wijeweera


සමුගන්න මොහොතකට පෙර එකවතාවක්
හිනැහෙන්න පෙරදා වගේ
මුමුණන්න වදනක් පෙර සේම ළං වී
මිය ඇදෙන මතකය වගේ //

තුරු සෙවනේ මල් අතරේ
වැළපෙන කතාවක්
මද සුළඟේ පාවී ගියේ
සුසුමකට ළංවෙන්න
කඳුලක රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමුවුණේ
ඇයි ආදරෙන් හමුවුණේ

සමුගන්න මොහොතකට පෙර එකවතාවක්...

අවසන්ව යන මතක
හද වේදනාවෙන්ම
සතපන්න ළය මත මගේ
දිවි මං තලාවේ
මා පරදවාලන්න
ඔබ කිමද මට පෙම් කලේ
ඔබ කිමද මට පෙම් කලේ


ගායනය - බන්ධුල විජේවීර
තනුව - රෝහණ වීරසිංහ
පද - මානෙල් ජයසේකර


Comments

  1. වෙන්වීම ගොඩක් දුකයි. එත් ඒක නවත්තන්න කාටවත් බැහැ... අපට ඇත්තට මුහුණ දෙන්නම වෙනවා..........

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...