රංග නදීකා - ධනපාල උඩවත්ත  | Ranga nadeeka - Dhanapala Udawatta


රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා


ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ

මම තනි වෙන්නම් ඔබ නම් එපා
ආයෙ හමුවෙන්න යලි නම් එපා

රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා


මං ඔය රුපෙට රැවටුණෙ කරුමෙට
ලස්සන පෙනුණ නිසා
මව්පියෝ උරුමෙට මට හිමි දේපල
දුන්නෙත් ඔ‍බට නිසා
රන් මිණි මුතු කැට අද නෑ එය මට
කඳුලේ දුක ඉවසා
මං අද තනි උනේ හදවත ගොළු උනේ
ගැහැණුන් චපල නිසා

මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න යලි නම් එපා

රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා


ගායනය - ධනපාල උඩවත්ත


Comments

  1. වෙන හදවතකට ඔය හිත දෙන්නට peliya waradi

    ReplyDelete
  2. හමුවෙන්න යලි නම් එපා * ayeth epa

    ReplyDelete
  3. මේ වර්ෂන් එකේ තියෙන්නෙ එහෙමනෙ මචෝ... ඒ නිසයි එහෙම දැම්මෙ. ඒ වගේ පොඩි පොඩි වෙනසකම් හැම ගායකයම කරනව. හොයාගන්න පුළුවන් වුණේ මේක හින්දයි එහෙම දැම්මේ. :-)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...