පෙරදාක සුසුමක් - තීක්ෂණ අනුරාධ | Peradaka Susumak - Theekshana Anuradha - sinhala lyrics


පෙරදාක සුසුමක් හිත රැදී...
සෙනෙහසින් පිදුවා මිහිරැතී...
සංසාර ගමනේ දුර ඇතී...
ගැඹුරුයිද ආදරේ මේ හැටී...//

හුරු පුරුදු ජීවිතේ තව - ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ - තුරුලේ රැදී...
කුළුදුල්ම හීනයක් සේ - මහමෙර වගේ උස නම්
තව දන්නෙ නැ නුඹත් - මගෙ ආදරේ තරම්...

පෙරදාක සුසුමක්....

තනිකඩ හිතේ නැවතිලා - පෙම් ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්නසේ සෙනෙහේ - සිතුවම් ඇදී
දුර යනෙන ජීවිතේ දිගු - හිමිකම නුඹේ ලඟ නම්
හිත පිරුණු ආදරේ - උහුලන්න බැරි තරම්....

පෙරදාක සුසුමක්...

ගායනය - තීක්ෂණ අනුරාධ
පද රචනය - රඛිත වාකිෂ්ඨ
සංගීතය - තිලිණ රුහුණගේ




වීඩියෝව - BPlus Music Official

Comments