ඉවසයිද මන්දා - අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව | Iwasaida Manda - Athula Adikari & Samitha Mudunkotuwa



ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
දරාගන්න බෑනේ මතකේ විලාපේ...
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ
අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...
ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

ඉවසයිද මන්දා...//

ගායනය : අතුල අධිකාරි සමඟින් සමිතා මුදුන්කොටුව
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : උදාර සමරවීර

1 comment:

  1. මේ දෙන්න වෙන් උන එකත් මාර්කට් කරනවා .. කොහොම උනත් ලස්සන සින්දුවක් ....

    jontata thank u wewa... :P

    ReplyDelete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...