හද විමන් දොරින් - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක | Hada viman dorin - Jothipala, Anjallin


හද විමන් දොරින් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේයි අමා

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා

සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ
ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා

හද විමන් දොරින් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේයි අමා

මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල්වන් වලාවක් සොයා
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා

හද විමන් දොරින් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේයි අමා

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා


ගායනය - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක
සංගීතය - සරත් දසනායක
ගී පද - කරුණාරත්න අබේසේකර
කස්තුරි සුවද චිත්‍රපටය



Comments

  1. කස්තුරි සුවද චිත්‍රපටය
    පද - කරුණාරත්න අබේසේකර
    ස්වර - සරත් දසනායක

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...