මහ වරුසාවට - සෝමතිලක ජයමහ | Maha Warusawata - Somathilaka Jayamaha


මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට...//

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...

මහ වරුසාවට...//

ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ

Comments

  1. මොන තරම් සංවර හඬකින් ගැයෙන, මොනතරම් ප්‍රේමනීය ගීතයක්ද. අඹුසැමි නොහොඳ නෝක්කාඩු නැති කරන බෙහෙතක් වගෙයි මේ ගීය. අනේ මෙවැනි ගීත අද අහන්නට නැති අපි කොච්චර අවාසනාවන්තද.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. සුනිල්වන් නුවන් යුග... ගීතය පද රචකයා සහ තනු නිර්මාණය ඇතුලු විස්තර පල කිරීමට හැකිනම් මැනවි...

    ReplyDelete
    Replies
    1. මේක ලියල සංගීතෙ දාල ගායනා කරන්නෙත් සෝමතිලක මහත්තයම තමයි...

      http://imageshack.us/scaled/landing/69/somarear.jpg

      Delete
    2. බොහොම ඉස්තුතී...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...