අර සඳ පළුවෙන් - සේනානායක වේරලියද්ද | Ara sanda paluwen - Senanayaka Weraliyadda


අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි //

තුරු හිස සිඹ සිඹ වැද මද නළ
මුමුණන විට ගී සවනට //
අපි ඇල් හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරි වී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි හිත

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි...

අග හිඟ මාලය ගෙල ළාගෙන
දුක විඳින්න බැරි හින්දම //
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමින් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන් කඳ

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි...


ගායනය - සේනානායක වේරලියද්ද
ගී පද - නන්දා උඩවත්ත
සංගීතය - ජානක ෆොන්සේකා



No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...