ආදර වියෝ දුකින් (රණ හංසියේ) - විජය බණ්ඩාර වැලිතුඩුව | Aadara wiyo dukin (Rana Hhansiye) - Wijaya Bandara Welithuduwa


ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ

රණ හංසියේ මගේ රණ හංසියේ //

ඒ සොඳුරු විජිතේ
ඈ සිහින කුමරී
මා හා බැඳීලා
දිවි මං තලේ
ඒ දවස මා හා
නෑ දැන් රැඳීලා
මා ඉන්නෙ තනිවී
රණ හංසියේ

රණ හංසියේ මගේ රණ හංසියේ //

ඒ නීල දෑසේ
සෙනෙහේ සිනා රැල්
මා සනසවාලයි
සිහිනෙන් පවා
ඒ වේදනාවන්
මා හදවතට මෙන්
ඔබටත් දැනේදෝ
රණ හංසියේ

ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ

රණ හංසියේ මගේ රණ හංසියේ ////


ගායනය, තනුව, පද - විජය බණ්ඩාර වැලිතුඩුව




වීඩියෝව - Kanchana De Seram




Comments