සුඳු මුතු රළ පෙල - ටී.එම්.ජයරත්න සමඟින් නීලා වික්‍රමසිංහ | Sudu Muthu Rala Pela - T.M.Jayarathne & Neela Wickramasinghe



සුඳු මුතු රළ පෙල කිඳුරු කොදෙව්වෙන්
පාවඩ පලස එලා...
සිඳුළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිලිණ වෙලා...//

යුග දිවි වැල්ලේ අඳුරු ඉසවුවේ
මුකුලිත සිතැගි සලා...
අරුණැල්ලක් සේ...//නුඹමිණ පායා
සනහස ජනිත කලා...

සුදු මුතු රළ පෙල...//

සැඩරළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුනෙමි සරණ සොයා...
පවනැල්ලක් සේ...//නොමහැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා...

සුදු මුතු රළ පෙල...//

ගායනය : ටි.එම්.ජයරත්න සමඟින් නීලා වික්‍රමසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
“ආදර හසුන“ චිත්‍රපටයේ ගීතයකි.

1 comment:

  1. නියමයි.. මට මේ වගේ හොඳ පරණ සින්දු ටිකක් දෙන්න පුළුවන්ද Wedding වලට දාන්න...

    ReplyDelete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...