සරසවි උයනේ - ක්ලැරන්ස් විජේවර්ධන | Sarasavi Uyane - Clarence Wijewardana


සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

සීතල සිරිපොද වැස්සේ පෙර
දිනයක මේ අඩි පාරේ //
අප තනි වූ මැයි තුරුසෙවනේ මත
ඔබගෙනි උණුසුම සැදුනේ

සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

පාළුව ඉහිරෙන අඳුරේ මා
තනිකර දා මෙහි සෙවණේ //
මතකය පමණකි ළඟ රැඳුනේ ඔබ
අද කොතැනද පිය නැඟුවේ

සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ


ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - කුලරත්න ආරියවංශ




Evoke Music

Comments

  1. මම කාලෙක ඉඳන් සෙව්ව ගීයක් අද අහන්න ලැබුණා. මීට පෙර එකම එක අවස්තාවක විතරයි මේ ගී ය අහලා තිබුනේ.ඒදා ඊදින් මේවනතුරු හෙව්වත් හොයාගන්න බැරිවුණා.

    මේ ගීය ඇතුලත් ගීතැටිය ගැන තොරතුරක් දෙන්න පුළුවන්නම් නියමයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...