රෑ අහසින් - කසුන් කල්හාර | Re ahasin - Kasun Kalhara


රෑ අහසින් වැටෙනා
බින්දු බින්දු පිණි බින්දු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන්
මහ පොළොව
පිණි බින්දු හඬනවා
නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

අනෝරා පිණි යටින්
තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය
පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න


ගායනය, සංගීතය - කසුන් කල්හාර
ගී පද - සංජය ඈපා සෙනෙවිරත්න


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...