නීල බිඟු කැල - වික්ටර් රත්නායක | Neela Bigu Kela - Victor Rathnayake


නීල බිගු කැල තාමරස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා //

මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු //
සුරඟුන් නෙලූ කැකුළු

නීල බිගු කැල...//

ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සඟවා නොයන් සොදුරී //
සඟවා නොයන් ‍සොඳුරී

නීල බිගු කැල...//


ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගිතය - වික්ටර් රත්නායක


Comments

  1. නීල බිඟු කැල "තාමරස" පෙළ ???


    http://www.silumina.lk/2008/03/02/_art.asp?fn=av0803027

    ReplyDelete
    Replies
    1. සෙවිල්ලට ස්තූතියි. මේක ගොඩක් අය හිතාගෙන ඉන්නෙ 'කාම රස' කියල තමයි :P

      ඒ වුණාට මේ කියන්නෙ තාමරස ගැන. මට තේරෙණ විධියටනං නෙළුම් මල් වලටයි එහෙම කියන්නෙ. මී මැස්සො නෙළුම් මල්වල වහල ඉන්න එක ගැන වෙන්න ඕන සින්දුවෙ කියන්නේ...

      මේ ගැන මම හිතං හිටියෙ මේ කුරුල්ලොන්ගෙ ඇඩම්ස් ඔන්ලි සීන් එකක් වෙන්න ඇති කියලා :P

      Delete
  2. මම ආසම සිංදුවක්..

    ReplyDelete
  3. වියංගයේ අරුත සුපිරී

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...