මං හින්දා ඔබෙ - ගුණදාස කපුගේ සමඟින් මාලනී බුලත්සිංහල | Man Hinda Obe - Gunadasa Kapuge & Malani Bulathsinhala



මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...

මං හින්දා ඔබෙ...//

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ...//

ගායනය - ගුණදාස කපුගේ සමඟින් මාලිනී බුලත්සිංහල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - ගුණදාස කපුගේ

Comments

  1. මේ තමයි කපුගේ මාලනී මුල්වරට ගැයූ ඔවුන්ගේ පළමු යුග ගීතය

    ReplyDelete
    Replies
    1. දයානන්ද මගේ මතකයේ හැටියට මේක ලූෂන්ගෙ නේද?

      Delete
    2. දෙන්නම කතාකරල හරි උත්තරයක් දෙන්න බලන්න!

      Delete
  2. මේක ලූෂන් බුලත්සිංහලගේ ගීතයක්

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක්ම කියන එකේ හරි වෙන්න ඕන නේ... ස්තූති වේවා

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...