හෙමින් සැරේ පියා විදා - ටී.එම්.ජයරත්න සමඟින් සුනිලා අබේසේකර | Hemin Sare Piya Wida - T.M.Jayarathne & Sunila Abesekara



හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිදු සුකුමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉදුවර දියෙන් උපදින

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

නැවුම් වත්සුනු රොනින් මත්වී
නීල නිම්නය සුපුෂ්පිත වී
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිඳි යහනේ

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

ගායනය - ටී.එම්.ජයරත්න, සුනිලා අබේසේකර
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ධර්මසේන පතිරාජ

Comments

  1. මේ ගිතය ගයන ගායිකාව සුසිලා නෙවෙයි සුනිලා අබේවර්ධන විය යුතුයි

    ReplyDelete
  2. මේ ගීය ගයන්නේ සුනිලා අබේසේකර,
    හංසවිලක් චිත්‍රපටය සඳහා මේ ගිය ලිව්වේ තවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ධර්මසේන පතිරාජ, පතී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදියට ලියපු ඔහුගේ මුල්ම ගීය මෙයයි.

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි දයානන්ද සහෝ..“hansakinkini“ටත් ස්තූතියිවන්ත වෙනවා, වරද පෙන්වා දීම සම්බන්ධයෙන්. ඇත්තටම චිත්‍රපයට ගැන හෝ ගායිකාව ගැන මමවත් මින් පෙර දැන සිටියේ නැ..

    ReplyDelete
  4. නීල ඉඳුවර දියෙන් උපදින විය යුතුයි

    ReplyDelete
  5. මේකේ තේරුම දෙන්න බැරිද

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...