චන්ද්‍ර බිම්බයුරු - නාරද දිසාසේකර | Chandra Bimbayuru - Narada Dissasekara


චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..//

අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
පුඟුලන් මැද දෙරණේ..
ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
නිරතුරු ඔබ සෙවනේ...

චන්ද්‍ර බිම්බයුරු...//

අදත් සිනාසී හමුවූ අයුරින්
භින්න රුචික මෙලොවේ...
හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
අප හමුවිය යුතු වේ...

චන්ද්‍ර බිම්බයුරු...//

ගායනය : නාරද දිසාසේකර
සංගීතය : නාරද දිසාසේකර
පද රචනය : කරුණාරත්න අබේසේකර

Comments

  1. මෙහි දෙවන කොටසේ ඉඳුරන් යන්න "පුඟුලන් මැද දෙරණේ" යනුවෙන් වෙනස් විය යුතුය. පුඟුලන් යනු පෘතග්ජන්යන්ය. මෙහි රචකයා මඩවල එස් රත්නායක ලෙස රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ "සංසාරේ අපි" නම් ගීත විචාර පොතේ සඳහන්වේ. එම පොතේ මෙම ගීතය ගැන හරවත් විචාරයක්ද ඇත

    ReplyDelete
    Replies
    1. වෙනස් කළා.. ස්තූතියි :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...