සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ - මිල්ටන් මල්ලවාරච්චි | Sundarathwayen piri - Milton Mallawarachchi


සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//

මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ

වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//

නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක




වීඩියෝව - Premakeerthi Gee

Comments

  1. ප්‍රේමකීර්ති මේක ලියල තියෙන්නෙ මේ විදියට ගයන්න නෙවෙයි. ඒක හරියට කවියක් වගේ කියන්න පුළුවන්..

    ‍සුන්දරත්ව/යෙන්පිරිසොදු/රුමසිහිනේ
    නෙත්දෙකින්අ/රන්එනුමැන/සදපානේ

    මල්ගෙනත්ත/බාදෝතින්/පිළිගන්නයි
    කල්බලාසි/ටින්නේඔබ/දැක ගන්නයි
    අල්පයක්තරම්/නිදහස/රැක ගන්නයි
    කල්පනාලො/වින් එතෙරට/ඉගිලෙන්නයි

    සංගීතය ගැන කිසියම් දැනුමක් තියෙනව නම් මම කියන මේ කාරණාව තේරෙනවා.. බලන්න ඒ කවිය වික්ටර් වෙනස් කරල තියෙන අපූරුව..

    ReplyDelete
  2. melo rahak nathi jarawak . Mewa hodnai gam wala godayanta lol

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...