සෙනෙහස විඳිනට - චන්ද්‍රලේඛා පෙරේරා | Senehasa windinata - Chandralekha Perera


සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම් //

එක තැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින් //
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්

සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්...

යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින් //
කුමටද නැති කළ සෙවණට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්

සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්... //


ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ


Comments