සමනල රෑනක් සේ - ඉන්ද්‍රාණි පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි  | Samanala renak se - Indrani Perera, Milton Mallawarachchi



සමනල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ //

පොපියුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙ‍රපෙයි නතර නොවී
ළා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලී //

සමනල රෑනක් සේ...

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ //

සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳවත ලෙසින් සොමි
මම දින දින ‍පතන්නෙමි //

දේදුණු දහසක් සේ...

කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ //



ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය


Comments