රැයක් උපද්දා - මිල්ටන් මල්ලවආරච්චි | Rayak upadda - Milton Mallawarachchi


රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා//

අමා වෑහෙනා සඳේ රෑ වුණා
උතුරා රස මීවිතේ
පිරුණා අද ජීවිතේ

රැයක් උපද්දා...

සරා ගී මුතු කියා පෑ යුතු
පෙරළා රැළි සාගරේ
ලිව්වා මගෙ ආදරේ

රැයක් උපද්දා...

ගලා ආ රැළී ඇදීලා යළි
වෙරළේ ලියු ආදරේ
පිසදා ඇත සාගරේ

රැයක් උපද්දා...//



ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය


Comments