පරසිදු කරලියැද්ද - සිහ ශක්ති | Parasidu karaliyadda - Siha Shakthi


පරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය
දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද
සිංහාසන කුමටද
සෙන්කඩගල ඇගෙ
රජ මැදුර සමානා//

කපිතන් දියෝගුගෙන්
දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද
පරංගි වාඩියේ

කොණප්පු බණ්ඩාරට
පූජා කල ප්‍රේමය
මිහිරිම හීනයක්ද
වසන්ත කාලේ

පරසිදු කරලියද්ද...

වාහල ඉලංගමට
ගිය දා දන්තුරේට
අස් පන්තියේ හරඹ
දෑහින් දැකලා

දළුලන වසන්තයට
රොන්සුනු පුරාලයට
අළුත්ම මලක් වෙලා
පිපෙන්න හිතිලා

පරසිදු කරලියද්ද...


ගායනය - සිහ ශක්ති
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

Comments

  1. මෙම ගීතය රචනා කලේ රත්න ශ්‍රී විජේසිංහ

    ReplyDelete
  2. මේ සිංදුව ඊයෙ අහම්බෙන් ඇහුනා... ඒ නිසා ඒකෙ වචන සයිබරේ හොයල බැලුවෙ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...