ඔබ දැකගැනීමේ - නිරංජලා සරෝජිනී | Oba dekaganeeme - Niranjala Sarojini


ඔබ දැකගැනීමේ
අරමුණ දිවා රැයේ
දෙ ඇසේ කැවී කැවී
වැලි ලෑ විලාසේ//
ඔබ දැකගැනීමේ

සෙනෙහේ වරුසා වැටී
ඔබ හමුවේ
සතුටේ රිදී තිරේ
සිත පාවේ
ලොව කැළඹුනාවේ
ඒ සුළු වෙලාවේ
අපි ඉමු කතා නැතී
දරුවෝ විලාසේ

ඔබ දැකගැනීමේ...

දවසේ තුන් යාමයේ
ඔබ ඇසුරේ
පසු වී නොයා බිඳී
අද වාගේ
විසුමට කොහේ හෝ
මේ මිහි තලාවේ
හෙවණක මුවා වෙමූ
මිහිරේ පමාවේ

ඔබ දැකගැනීමේ...//


ගායනය - නිරංජලා සරෝජිනී
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්


Comments

  1. Me sinduwata comment ekakwath wetila ne kiyala dekkama puduma dukak awa

    ReplyDelete
  2. Me sinduwata comment ekakwath ne kiyala dekkama puduma dukak awa

    ReplyDelete
    Replies
    1. අද වන විට 523 දෙනෙක් බලල තියෙනවා. කණගාටු වෙන්න දෙයක් නෑ :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...