නෙක උයන් වතු මැදින් - ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස් | Neka uyan wathu madin - Pradeepa, Amarasiri



නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි //

සිතු අගින් මතුව ආ සුසුම් රැල්
කොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඬ අඳුරු සීත කඳු මාවතේ

නෙක උයන් වතු මැදින්...

නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි

නෙක උයන් වතු මැදින්...//

ගායනය - ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කපිල කුමාර කාලිංග

Comments

  1. බොඳ මලක් නොව කොඳ මලක් ලෙස නිවැරැදි විය යුතුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. නිවැරදි කලා!

      Delete
  2. "සිතුවමින්" යන්න "සිතු අගින්" ලෙස නිවැරදි විය යුතුයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...