මේ අමාවක රැයේ - දයාන් විතාරණ | Me amawaka raye - Dayan Vitharana


මේ අමාවක රැයේ
පුර හඳක් ඒවී
හිත පුරා පිපෙණා
කිරණ ගලනා
නුඹේ ආදරයෙන් සිත
නිවී සැනහෙනවා

පහන් තරු රැළ
කුමකටද වෙන
නිවි නිවී දිලෙනා
අරුම දකිනට පුර හඳේ
නිවන් දකිනා ජාති ජාතිත්
නුඹේ හිත මට
පිං තනා දෙනවා

මේ අමාවක රැයේ....

සදා සුවඳින්
සදා මා සිත
සුභ සිහින සදනා
අඳුර වෑහෙන තුන් යමේ
දෑස් පියවා සිතෙන් ළංවී
තුරුළු කර ගමි
නොහිම් ආදරයෙන්

මේ අමාවක රැයේ....

ඇස් අරින්න... බලාපොරොත්තුවක් නොව මට...
හද ගැහෙන... නැවුම් පවන් පොදක් මට නුඹ...
ඉතින් මට කියන්න... නුඹ ගැන කියන්න...
කොයින්ද මට... උපමාවක්...


ගායනය - දයාන් විතාරණ
සංගීතය - කරුණාරත්න විජේවර්ධන
ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ


Comments