කුණ්ඩුමණී - ෆ්‍රෙඩී සිල්වා | Kundumani - Freddie Silva


මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට අඬන් සිංදු කියන්නේ
කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී

නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කං දමා සියොළඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී

සෙම්බු තාලි උකුලෙ හොවා ආඬි ළිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අළු ගා
කුණ්ඩුමණී

මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට අඬන් සිංදු කියන්නේ
කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී

ගොම ඉහළා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඬවා දීලා
කුණ්ඩුමණී

සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා හිඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී


‍ගායනය - ෆ්‍රෙඩී සිල්වා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක


Comments

  1. ෆ්‍රෙඩී සිල්වා දැක්කහම මට නිකමට හිතුනෙ, ඒ දවස් වල හිටපු විකට ජවනිකා කරපු නළුවන්ට පවා තැනගේ රාජකාරියෙදි හොඳ ශික්ෂණයක් තිබුණ. මිනිස්සු හිනස්සන්න කුනුහරුපම අවශ්‍ය වුණේ නෑ.

    ප්‍රේමකීර්ති කියන්නෙ අත ගහන ඕන කලා කටයුත්තකදි ඉස්සරහින්ම ඉන්න නොම්මර එකේ ඕල් රවුන්ඩර් කෙනෙක් උණාට විශේෂයෙන් ගීත ලියන්නම ඉපදිච්ච මනුස්සයෙක් !

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...