කුමුදුනිය ඔබයි මගේ - ඉන්දු අමරනාත්  | Kumuduniya obai mage - Indu Amaranath


කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
සඳ එලිය වගේ
සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුණෙ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ...

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවි ගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ


ගායනය - ඉන්දු අමරනාත්
සංගීතය - රංග දසනායක
ගී පද - කසුන් ගුණතිලක


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...