කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ - දයාරත්න රණතුංග | Kiri kawadi sina - Dayarathna Ranathunga


කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ

පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...

නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...//


ගායනය, සංගීතය - දයාරත්න රණතුංග
ගී පද - අජන්තා රණසිංහ

Comments

  1. මේකේ සංගීතයත් දයාරත්න රණතුංග මහත්තයගෙමයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...