කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ - රෝහණ බෝගොඩ | Kandulak watenam - Rohana Bogoda


කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ

අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ//
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුනු සිත්වල මතක ලොවේ
එක්‌වන්නට බැරි නම්

කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...

සිත සිහිනයකි නෙත එක රැයකි
යළි සසඳන්න බැරි//
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරි නම්

කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...


ගායනය - රෝහණ බෝගොඩ
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්

Comments

  1. කාලයක් රොහන බොගොඩගේ ගිත අතිශය ජනප්‍රිය වුණා. ඒත් වසර දහයකින් පමණ මෙහා ඔහුගේ ගීත ජනප්‍රිය වුනේ නැති තරම්.

    මුල් කාලයේ ගැයු නෙතින් නෙත බලාලා, ගංගා, වගේ ගීත ඇසුණා දැන්නම් ඒවත් හෑසෙන ගානයි. ඉඳහිටලාමේවගේ ගීයක් ඇහුණ ගමන් ඒ මතකය අලුත්වෙනවා

    ReplyDelete
    Replies
    1. ඉස්සර මමත් ඔහුගෙ රසිකයෙක් නෙවෙයි. ඔහුගෙ ගීත වල සුන්දර බව මට දැණුනෙ වසර කීපයකට කලින්!

      Delete
  2. රෝහණ බෝගොඩ මහතා ලගදි ගායනා කල මා විසින්
    …පද රචනා කල ගීත කිහිපයක් තියනවා මෙම බ්ලොගයට
    …මම එය ලබා දෙන්නම් මම ප්‍රදීප් නන්දලාල්
    …contact-miurukalpanaa@yahoo.com

    ReplyDelete
  3. බොහොම අගෙයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...