ගොළු හදවත විවර කරන්න - පෝල් ප්‍රනාන්දු | Golu hadawatha wiwara karanna - Paul Fernando


ගොළු හදවත විවර කරන්න
නොඉඳ හිතේ තද කරන් මට කියන්න
කඳුළු සලන්න ඉඩ නොතබන්න
කඳුළු සලන්න ඉඩ නොතබන්න

මුවගින් සිනා නගනවා
නෙතගින් බැලුම් බලනවා
බිඳු රහසක් පැවසෙනවා
වාගේ මට වැටහෙනවා

ගොළු හදවත විවර කරන්න...

දැඩි සෙනෙහසක් තියෙනවා
එය හිත තුල තෙරපෙනවා
ඔබ තනියම දුක් වෙනවා
වාගේ මට වැටහෙනවා

ගොළු හදවත විවර කරන්න...

ගීයෙන් ලොව අමතනවා
මගෙ අදහස පවසනවා
ඔබ නිහඬවම සිටිනවා
මා හදවත වැළපෙනවා

ගොළු හදවත විවර කරන්න...


ගායනය - පෝල් ප්‍රනාන්දු
සංගීතය - රවි රණසිංහ
ගී පද - රවි රණසිංහ

මුල් ගීතය අහන්න

Comments

  1. කාලෙකින් අහපු සිංදුවක් .. මේ ශිල්පියා තාම ජීවතුන් අතරද

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා. කිසි තොරතුරක් හොයාගන්න නෑ පෝල් ප්‍රනාන්දු ගැන. තාම ජීවත් වෙලා ඇති. ඒකනෙ ඔය මාධ්‍ය වලත් නැත්තේ.

      Delete
    2. ඒක හරි.. දැං ජීවතුන් අතර නැත්තං ගුණ අනුස්මරණයි අරවයි මේවයි ටීවී චැනල් වලයි රේඩියෝ චැනල් වලයි වැහි වහිනවා නේ...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...