ගිලෙම් ඔබේ ගුණ මූදේ - ඩබ්ලිව්. ඩී. අමරදේව | Gilem obe guna moodhe - W. D. Amaradewa


ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

සිඳ බිඳ මොහඳුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මවු ප්‍රේම
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

තිලොඅග බුදු සමිඳේ ////


ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
ගී පද - අරිසෙන් අහුබුදු




Comments

  1. මොහන්දර නෙවෙයි නේද මෙතනට එන්නෙ.. මං හිතන්නෙ මොහඳුර ( මොහය නමැති අඳුර ) කියලයි එන්න ඕන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ඔන්න වෙනස් කළා..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. දයාන් විතාරණ මහතාගේ බුදු මග යන්නට ගීතයේ පද ලබා දෙන්න

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරන්නම් :-)

      Delete
  4. මට මේ vedio එක පේන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. යූටියුබ් එකෙන් අයින් කරලා. යූටියුබ් එකේ සර්ච් කරල බලන්න.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...