ගෙදර හිටිය රෝස කැකුල රෝසා - එම්.එස්. ප්‍රනාන්දු | Gedara hitiya rosa kekula - MS Fernando


ගෙදර හිටිය රෝස කැකුල රෝසා
ඔමරි පොමරි දාපු මුකුළු රෝසා
අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා//

මල් මී පැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු
මල් මී පැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු
බීලා මොටද රෝසා නැතුව රෝසා
දෑතට දී වාරු වාරු
ගඟ මැද ඔරු පාරු පාරු
පැදල මොටද රෝසා නැතුව රෝසා

උණට කොත්තමල්ලි දුන්න රෝසා
සෝඩා ටොනික්‌ කඩෙන් ගෙනා රෝසා
අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා

සුවඳ සබන් ගාපු ගාපු
ගාල නාල ආපු ආපු

සුවඳ සබන් ගාපු ගාපු
ගාල නාල ආපු ආපු

පුසුඹ ගහපු රෝස නොන රෝසා
කොණ්‌ඩෙ කඩන් පීරු පීරු
රැජිණට අපි තේරු තේරු
රෝස කැකුළ කොහිද ගියේ රෝසා

උණට කොත්තමල්ලි දුන්න රෝසා...

ගෙදර හිටිය රෝස කැකුල රෝසා...


ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - ධර්මසිරි ගමගේ


Comments