එක් පෙති මලක් - රොහාන් ශාන්ත බුලේගොඩ | Ek pethi malak - Rohan Shantha Bulegoda


එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

විශ්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

තව කුමකටද දුක් ගී කල්පනාවන්///


ගායනය - රොහාන් ශාන්ත බුලේගොඩ
සංගීතය - ජගත් ජයවර්ධන
ගී පද - බන්දුල නානායක්කාරවසම්


Comments

  1. Mewageme wicharayakuth ekathu unaanam

    ReplyDelete
  2. HEMADAAMATH AHALA HITHE DUKA PURAWAGANNA WENAWA...ATH AKA MIHIRI WEDANAAWAK....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...