දෙනෝදහක් ගැවසෙන සරසවියේ - මිල්ටන් මල්ලවාරච්චි | Denodahak gewasena sarasaviye - Milton Mallawarachchi


දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැණෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ //
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි සිතට නැගේ

දෙනෝදහක් ගැවසෙන...

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ //
සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
ඒ හින්දයි අපි දුරස් වුණේ

දෙනෝදහක් ගැවසෙන...


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - විජය රාමනායක
සංගීතය - සරත් දසනායක


Comments

  1. Another beautiful song by Milton. Thank you for sharing these songs

    ReplyDelete
  2. Sinduwala arthaya(theruma)danna puluwannam godak watinawa.

    ReplyDelete
  3. Geethawala arthaya danna puluwannam godak watinawa..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...