දෙනෝ දාහක් නුවන් අතරේ - නන්දා මාලිනී | Deno dahak nuwan athare - Nanda Malini


දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ
තනි කළේ
පාසැල් බිමේ

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බරවුණු කැකුළු
අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා

දෙනෝ දාහක් නුවන් අතරේ...


ගායනය - නන්දා මාලිනී
ගී පද - කුලරත්න ආරියවංශ
සංගීතය - වික්ටර් රත්නායක




Comments

  1. මේ විශුවල් එක නැත්නම් කොච්චර හොඳයිද😢

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...