සරුංගලේ වරල් සැලේ - විශාරද නන්දා මාලිනී | Sarungale Waral Sale - Nanda Malini


සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි
සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි

ගායනය, සංගීතය - විශාරද නන්දා මාලිනී
පද රචනය - සුනිල් ආරියරත්න





වීඩියෝව - Sinhala Gee - සිංහල ගී

Comments

  1. මේ ගිය ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: රෝහණ වීරසිංහ වගේ තමයි මතකයේ තියෙන්නේ. හරියටම හොයලා හවසට දාන්නම්

    ReplyDelete
  2. මමත් හරිම ආස සින්දුවක්!

    ReplyDelete
  3. මමත් හෙන කාලෙකට පස්සෙ තමයි ඇහුවේ. ඉස්සර රේඩියෝ එකක ඇහුවට පස්සෙමද කොහෙද? මරේ මරු!

    ReplyDelete
  4. Nice song which connotes deeper meaning

    ReplyDelete
  5. සරුපස දිලේ පදටික දානවද

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...