අමරස පෙම් - ශ්‍රීමතී තිලකරත්න | Amarasa pem - Shrimathi Thilakarathna
අමරස පෙම් රසයෙන් කැළතෙම්
ඔබ නැතිනං මිහිපිට නැත මං
ඔබ නැතිනං මිහිපිට නැත මං
අමරස පෙම් රසයෙන් කැළතෙම්//
සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා
ඔබ දැකුමෙන් සිත උමතු වුණා//
මා ජීවත් වන බව මට දැණුනේ
ඔබ හද සැලෙනා රාවෙන්
ඔබ හද සැලෙනා රාවෙන්
අමරස පෙම් රසයෙන් කැළතෙම්...
සුපිපුණු මල් නටුවෙන් ගිලිහී
මඳ සුළඟින් ඔබ වෙත පැමිණී//
ඔබ පා මත වැතිරී පර වෙන්නට
මට ඉඩ දෙනු මැන මතුදා
මට ඉඩ දෙනු මැන මතුදා
අමරස පෙම් රසයෙන් කැළතෙම්...//
ගායනය - ශ්‍රීමතී තිලකරත්න
Subscribe to:
Post Comments (Atom)
මේ සී ඩී එක සොයාගන්නත් නෑ දැන්
ReplyDeleteහොඳ වෙලාවටම ඒ දවස්වල ගත්තේ
මේක කලේ විජිත ට්‍රේඩ් සෙන්ටර් [විජිත පරණවිතානලා - අයියයි මල්ලියි]පිටකොටුවේ ඛාන් ඔරලෝසු කණුව ගාව
එයාල තව ගොඩක් හොඳම ගණයේ සී ඩී කලා - ඔක්කොම ඔරිජිනල් මියුසික් දාලා
ඒත් කේමදාස නඩුවක් දාල මොකක් හරි දෙන්නටම එපාවෙලා මාස්ටර්ස් ටිකත් විකුණල කඩෙත් වහල දැම්ම
ඒකටත් ජෙම්ටෝන්, සූරිය, ලේබල් වලටම වෙච්චි දේ වුණා
මෙකේ සින්දු ටික මැණික් වාගේ!
දැන් මේව පවතින්නෙ ඒවට ආදරය කරන මිනිස්සු නිසා විතරමයි. බිස්නස් කරන්න මේ කලාකාරයන්ව තෝරගන්න අය නෑ.
Deleteමම කුඩා කාලයෙ අැසුව කල්පනා රැහැනින් සිංදුවෙන් පසු ශ්‍රීමතී මහත්මිය ගැයූ සෑම ගීයකටම මම ඉතාමත්ම කැමතියි.මෙ ගීත නොමිලෙම බාගත කීරීම ශ්‍රීමති මහත්මියට කරන අසාධාරනයක්ද දන්නෙ නැහැ.ඒ නිසා ලැබුනොත් සීඩී තැටිය මිලදී ගන්නවාමයි.
ReplyDelete