අගටන්නා - සංගීත් විජේසූරිය | Agatanna - Sangeeth Wijesooriya


දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...

අගටන්නා‍...
මම සිංදු කඩේ මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු තලමල සේමා
නුඹෙ රුවට මගේ හිත හරි බෝමා...
අගටන්නා.....

වන්නකුවා ඇවිත් නුඹව
සහේට ගන්නට හැදුවොත්
කොහොම ඉඳින්නද විස්සෝපෙන්..
මං කරකාර බඳින්නට මනාපයෙන්
අබ්බඩාට ගිහිං කියාපන්..
උඹ අබ්බඩාට ගිහිං කියාපන්..
අගටන්නා....

රට කාංචි පුරම් යස සාරි ගවුම්
සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම්
ඔය හීන කුලෙන් මට නම් පළ නෑ
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
අගටන්නා..


ගායනය/සංගිතය - සංගීත් විජේසූරිය
ගී පද - දයානන්ද රත්නායක




Comments

  1. මම මේ කල්පනා කලේ මොනව ලියන්නද කියලා.. ස්තූතියි හරේ..ගොඩක් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මුකුත් නොලිව්වට කාරියක් නෑ... ඔබතුමාගෙ අස්වැද්දිල්ල හොඳටම ඇති!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...